25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෙජන්ඩ්ස් අවසන් මහා සංග්‍රාමය අද රාත්‍රියේ

ලෙජන්ඩ්ස් අවසන් මහා සංග්‍රාමය අද රාත්‍රියේ

2022 රෝඩ් සේෆ්ටි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ඊයේ (30) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ,මෙවර තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14 කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව අද (01) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

රෝඩ් සේෆ්ටි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙය වනවා.

පසුගිය වසරේ පැවති තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, එහිදී ද ප්‍රතිවාදීන් වුණේ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

එහිදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට සිදුවුණේ අනුශූරයින් ලෙස තරගාවලිය අවසන් කරන්නටයි.

මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාව පරදා ජයගත් ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුකම් ලැබුවා.

අවසන් මහා තරගය අද (01) රාත්‍රී 7.30ට රායිපූර් හිරි ආරම්භවීම නියමිතයි.

අද පැවැත්වෙන අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී පැවැත්වීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයින් කාසියේ වාසිය උරගා බැලීමකින් පසු තෝරාගැනීම සිදුකරන බවයි සංවිධායකයින් මීට පෙර සඳහන් කළේ.