28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉතිහාස ගත වූ ඉන්ධන මිල සංශෝධනය

ඉතිහාස ගත වූ ඉන්ධන මිල සංශෝධනය

ඩීසල් මිලට වඩා පෙට්‍රල් මිල අඩුවීමක් සිදුව ඇත්තේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන්නේ නම් පෙට්‍රල් සහ ඩීසල් යන දෙවර්ගයම මිල අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවිය යුතු බවයි.

රජය විසින් පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන පෙට්‍රල් මිල පහත දැමීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 40.00කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 30.00කින් මිලපහත දැමීමටයි කටයුතු කළේ.

ඒ අනුව මේ වනවිට වෙළඳපොලේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 410ක් ලෙසත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 510ක් ලෙසත් පවතිනවා.

කෙසේ වෙතත් ඩීසල් මිලේ සංශෝධනයක් එදින සිදුනොවූ අතර වෙළඳපොලේ ඩීසල් මිල පවතින්නේ, සූපර් ඩීසල් ලීටරයක් රුපියල් 510කට සහ සුදු ඩීසල් ලීටරයක් රුපියල් 430ක මුදලකටයි.