29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැබිනට් මණ්ඩලයට අද තවත් දහයක්

කැබිනට් මණ්ඩලයට අද තවත් දහයක්

තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් දස දෙනෙකු කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ වන විට පවතින කැබිනට් මණ්ඩලය තුළ අමාත්‍යවරුන් 18 දෙනෙක් සිටින අතර, අද (03) දිනයේ දී දිවුරුම් දීමට නියමිත නව අමාත්‍යවරුන් දසදෙනා සමඟ එය 28ක් දක්වා ඉහළ යනවා.

රනිල් වික්‍රමසිංහ ජනධිපති ධුරයට පත්වීමත් සමඟ පිහිටවූ අන්තර්කාලීන රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ පසුගිය ජුලි මස 22 වනදායි