27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මව ජීවිතක්ෂයට

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මව ජීවිතක්ෂයට

දිඹුල – පතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් තේ වතුයායේ උඩ කොටසේ වතු නිවසක් මතට පස් කන්දක් කඩා වැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධික වර්ෂාවත් අද (03) අලුයම මෙලෙස නිවස මතට පස් කන්දක් කඩා වැටී ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාමසාමි කාලි අම්මා නැමති 46 හැවිරිදි තිදරු මවක් බවයි වාර්තා වන්නේ.

අනතුරු සිදුවීමෙන් පසු පොලීසිය ගම්වාසීන් සමඟ එක්ව කාන්තාවගේ මළ සිරුර කොටගල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පස් කන්ද කඩාවැටෙන අවස්ථාවේ දී නිවසේ අදාළ කාන්තාවගේ දියණිය ද සිට ඇති අතර දියණියට අනතුරක් සිදුව නැහැ