31.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්මලානේ ගණිකා නිවසක් වටලා කතුන් හතරක් අත්අඩංගුවට

රත්මලානේ ගණිකා නිවසක් වටලා කතුන් හතරක් අත්අඩංගුවට

රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (03) පස්වරුවේ පොලිඉසිය විසින් වටලා තිබෙනවා.

එහිදී කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ඔවුන් මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම ස්ථානයේ කළමනාකාරිණිය ලෙස කටයුතු කළ තැනැත්තියක් සහ එය පවත්වාගෙන යාමට සහාය සැපයූ තවත් කාන්තාවන් තිදෙනෙක් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම සැකකාරියන් අවුරුදු 19ත් 44ත් අතර වයස් සීමාවල පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.

මොවුන් වීරකැටිය, රත්නපුර, මීගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සිව්දෙනා අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි