30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් එළියට

සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් එළියට

ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි එම තනතුරෙන් සහ ආයතනයෙන් ඉවත්කර ඇති බව තොරතුරු වාර්තා වනවා.

2020 වසරේ අප්‍රේල් මාසයේ දී ඔහු ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වුණා.

පසුව සුදේව හෙට්ටිආරච්චි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ සුදේව හෙට්ටිආරච්චි යළි ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ පූර්ණකාලීනව රාජකාරී කටයුතු සිදුකරගෙන ගියා.