23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalලංකාවේ ලේ බැංකුව දැන් බරපතළ අවදානමක

ලංකාවේ ලේ බැංකුව දැන් බරපතළ අවදානමක

ලංකාවේ ලේ බැංකුව දැන් බරපතළ අවදානමක පවතින බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න පවසයි.

අද 5 දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න මේ බව පැවසීය

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න

ලංකාවේ ලේ බැංකුව දැන් බරපතළ අවදානමකට ගොදුරු වෙලා තියෙනවා. ලේ ඇසුරුම් කරන ඇසුරුම් මිලට ග    න්න මේ වෙලාවේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා.

 මේ තත්ත්වය ඇතුලේ අපේ රටේ විශේෂයෙන් දරුවෝ කාන්තාවන් ලංකාවේ රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න රෝගීන් බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙමින් ඉන්නවා.

 මේ කතාව වෛද්‍යවරු එළියට ප්‍රකාශ කරද්දී ආණ්ඩුව මොකක්ද මේකට ගන්න ක්‍රියාමාර්ගය. ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය තමයි වෛද්‍යවරුන්ගේ වැඩ තහනම් කරන එක.

 ආණ්ඩුව බදු වැඩි කරලා මොකක්ද මේ කරන්න හදන්නේ. ආණ්ඩුව හිතනවානම් බදු බර වැඩි කරල මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුලුවන් කියලා කොහොමද උත්තර හොයන්නේ කියලා  කියන්න.