― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocal2023 අයවැය  මගුල් ගේ කුලියට දීලා මඟුල් පෝරුවත් කුලියට දීලා මනමාලි කුලියට...

2023 අයවැය  මගුල් ගේ කුලියට දීලා මඟුල් පෝරුවත් කුලියට දීලා මනමාලි කුලියට දෙන අයවයක්

2023 අයවැය  මගුල් ගේ කුලියට දීලා මඟුල් පෝරුවත් කුලියට දීලා මනමාලි කුලියට දෙන අයවයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්කල අය වැය සම්බන්ධයෙන් අද 15 දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

2023 වර්ෂය සඳහා අයවැය ලේඛනය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඉන්න  මුදල් අමාත්‍ය ධූරය තමන් යටතේ තියාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළා.

ආපසු හැරී බලමු අපට වැරදුනා ද කියලා තමයි අයවැය කතාව පටන් ගන්නේ. රනිල්ගේ කතාව මූලික වශයෙන් ගත්තොත් එහෙම විප්ලවයක් ගැන කිය කිය කරන ප්‍රතිවිප්ලවයක්.

රනිල් වික්‍රමසිංහ යෝජනා කරමින් ඉන්නෙ ඔහුගේ මාමා වෙච්ච ජේ ආර් ගේ ප්‍රතිපත්තියක් නෙමෙයි එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේ එක්සත් ජනපදයේ   මාග්‍රට් තැචර් විසින් ඉදිරිපත් කරපු තැචර්   ප්‍ර රතිපත්තිය තමයි ඉදිරිපත් කරන්න යන්නේ.

 මාග්‍රට් තැචර් තමයි ඇවිල්ල කිව්වේ සමාජය කියලා එකක් නෑ ඉන්නේ පවුල් සහ තනි මිනිස්සු විතරයි කියලා.

 මේකට සාමාන්‍යයෙන් ලෝකෙ කියන්නේ සැවේජ් කැපිටලිසම් කියලා. ම්ලේච්ච   ධ නවාදය  ගේ න්න තමයි හදන්නේ.

 මේකෙදී ඔහු කියනවා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියපු ඔක්කොම කරන්න ඕන නෑ. කොටසයි කළේ කියලා.

ඔහු කියනවා ඔහුගේ අරමුණ තියෙන්නේ කුඩා කණ්ඩායමක් පොහොසත් කිරීම නෙමෙයි මුළු සමාජයම ඉහළට ගැනීම. ඔහු කරුණු දෙකක් කියනවා ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු දෙනාට සමානව බෙදී යන ආර්ථිකයක් හදන එක.

 ආර්ථිකයේදී සියලු අයට සම අ වස්තා සහතික කිරීමඒක තමයි සමාජවාදය.

 ඔහු අයවැය මුලම සාමාන්‍ය පල සූත්‍රයේ බුදුන් වහන්සේව උපුටා දක්වනවා. බුදුන් වහන්සේ කිවුවා කියලා ණය ගන්න ඕනේ පරිභෝජනය සඳහා නෙමෙයි ආයෝජනය සඳහා කියලා.

 ඕක තමයි 1977 ඉඳලා අපි ඔක්කොමල කිය කිය ඉන්නෙ. ඔහු එක්දහස් නවසිය හැත්තෑ හ තේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා .

 ඕව කලින් කියෙව්වේ නැද්ද දැන්ද කියවන්නේ. මේක ඇවිල්ල රටට ණය වෙමින් මගුල් කාපු එකක් කියලා කියනවා

 රනිල් යෝජනා කරන 2023 අයවැය ගත්තොත් එහෙම මේ දක්වා තිබුණ හැම අයවැයක් ම ලෝකෙට ණය වෙලා මඟුල් කන අයවැයක්. 2023 අයවැය  මගුල් ගේ කුලියට දීලා මඟුල් පෝරුවක් කුලියට දීලා මනමාලි කුලියට දෙන අයවයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.

නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන්ක රද්දි වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මුළුමනින්ම බිඳ වැටෙනවා.

 ලංකාවෙන් ගෙනියන දේවල් කියල ඉන්දියාව බදු සහන දුන්නේ තඹ වලට. තඹ අපනයනය කරන්නේ කල්‍යාණි ස්ටීල් කියලා ඉන්දියාවේ සමාගමක්. බදු සහනය ඇත්තට හම්බුනේ ඉන්දියන් සමාගමට.

 බදු සහන දෙන ලැයිස්තුවේ බූරු මස් දාලා තියෙනවා. ලංකාවේ බූරු මස් නිෂ්පාදනය කරන්නේ නෑ.ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම දැවැන්ත ජනතා විරෝධය මැද මෛත්‍රීපාල සිරිසේන එවක ජනාධිපති නැවැත්තුවා.

 දැන් මෙයා කියනවා ඒ නවත්තපු වා සේරම අත්සන් කරලා අලුතෙන් චීනෙත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා කියලා. චී නෙන් ප්ලාස්ටික් කොසු ගෙන්නන්න ගත්තට පස්සේ ලංකාවේ කොහු කර්මාන්තය ම බිඳ වැටුණා.

සියලු රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමට යෝජනා කරනවා. අති විශාල ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් විකුණන්න යනවා.

 ජාතික සම්පත් කියන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි වගේ ඒවා ම නෙමේ තරුණ පරම්පරාවක් ජාතික සම්පත් කියලා කියනවා ඒ කියන්නෙම මේ ටිකට වැඩේ දෙන්න.

 තරුණ පරම්පරාවට විදේශගත වෙන්න එපා කියලා රනිල් කියනවා. එහෙනම් ඉන්න පුළුවන් වෙන රටක් හදන්න එපැයි.

රනිල් පිස්සු හැදිලා ඉන්නේ. පාස්පෝට් වීසා ගාස්තු ඉහල දානවා. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරන්න යනව.

 වතුර නැති වැසිකිළි නැති පාසල් තියෙනවා දාහක්. පාසල් දාහකට රුපියල් මිලියන දෙසීයක් වෙන් කරනවා

 එක ඉස්කෝලෙකට රුපියල් ලක්ෂ දෙකක් හම්බ වෙනවා. ඔයා ලක්ෂ දෙකෙන් වැසිකිලියක් හදන්න පුලුවන්ද

 විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කියද්දී දිස්ත්‍රික් කෝටා එක අහෝසි කරනවා කියලා කියනවා. එහෙම කරනවා නම් පාසල් පද්ධතියේ සමානතාවය හදන්න එපැයි.

 අධ්‍යාපනයේ දැවැන්ත අසමානතාව යක් තියෙනවා.

අපි ඩිජිටල් ආර්ථිකය ගොඩනගනවා කියලා උදාහරණය විදිහට කියන්නේ බලන්න පහුගිය දවස්වල කිව් ආර් කෝඩ් එකෙන් තෙල් ගැහුව කි යනවා.

ඕක ද ඩිජිටල් කියන්නේ. අපි අද සිට මේ ජනතාද්‍රෝහී ව්‍යාපෘතිය පරාජය කිරීම සඳහා ජනතාව පෙළ ගස්සනවා. රනිල්ඔ යා පුළුවන්නං අයවැය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. පාර්ලිමේන්තුවෙන් එළියේ මේවා කරන්න දෙන්නෙ නෑ.