― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅයවැය ජනතාවගේ පැත්තෙන් හිටගෙන ඉදිරිපත් කරපු අයවැයක් නෙමෙයි

අයවැය ජනතාවගේ පැත්තෙන් හිටගෙන ඉදිරිපත් කරපු අයවැයක් නෙමෙයි

අයවැය ජනතාවගේ පැත්තෙන් හිටගෙන ඉදිරිපත් කරපු අයවැයක් නොවන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න පවසයි.

අද 23 දින නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය කැදවන ලද මාධ්‍ය හමුවකදී හේමමාලී අබේරත්න මේ බව පැවසීය.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න

රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ හැත්ත හත්වැනි අයවැය ඉදිරිපත් කරමින් තියෙනවා.

මේ අයවැය ජනතාවගේ පැත්තෙන් හිටගෙන ඉදිරිපත් කරපු අයවැයක් නෙමෙයි. මේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරල තියෙන මුදල ගත්තට පස්සේ බිලියන දෙසිය තිස් දෙකක් අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා.

 කාර්මික විද්‍යාල වලට බිලියන දෙකක් වෙන් කරලා තියෙනවා.

 උසස් අධ්‍යාපනයට බිලියන 65 ක් වෙන් කරලා තියෙනවා. පාසල් අධ්‍යාපනයට වෙන් කරල තියෙන මුදල බිලියන 165 යි. ඒ අතර කියනවා අපේ රටේ පාසල් දාහකට අන්තර්ජාල පහසුකම් දෙනවා කියලා. මීට කලින් අයවැය හතරකදී මේ කියන කරුණ ඉදිරිපත් කළා.

 අද උදේ  පුවත්පත් වාර්තා කළා පාසලක දරුවෝ වතුර නැතුව කුඩා බාල්දි වල බාස්කට් වල බෝතල් වල දරුවෝ වතුර අරගෙන යනවා කියලා. වැසිකිළි පහසුකම් වත් සලසා ගන්න බැරි පාසල් අපේ රටේ විශාල ප්‍රමාණයක් තියෙනවා.

 මේ වෙන්කරන මුදල් වලින් මොනවද කරන්න පුළුවන්. අපේ රටේ දරුවෝ මන්දපෝෂණයට ගොදුරු වෙමින් තියෙනවා කියලා වාර්තා වෙනවා.

සෙස් බද්ද අනිවාර්යෙන් පාසල් උපකරණ මත පැනවෙනවා. ආරක්ෂක වියදම් කියලා බිලියන ගණන් සල්ලි වෙන් කරද්දී ඇයි ඒ මුදල් අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට වෙන් කරන්න නැ ත්තේ

 හෙට දවසේ දී පාසල් දරුවෝ දෙමව්පියෝ පාරට බහින එක වළක්වන්න බැරි වෙනවා. කඳුළු ගෑස් වලින් උණ්ඩ වලින් මේකට උත්තර හොයන්න බැරි වෙයි.

 පාසලක් අරිනවා කියන්නේ හිරගෙයක් වහනවා කියන එක.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කුඩා දරුවන්ට දෙන ප්‍රතිජීවක ඖෂධ  තව සති දෙකකට තියෙන්නෙ කියලා වෛද්‍යවරු කියනවා. පිළිකා රෝගීන්ට ලබා දන ඖෂධ දාහතරක හිඟයක් තියෙනවා කියලා වෛද්‍යවරු පවසනවා.

 වෛද්‍යවරු රෝහල් වලට යන්න බැහැ කියලා කියනවා බෙහෙත් නැතුව කොහොමද තුණ්ඩුව ලියන්නෙ. වෛද්‍යවරු රට ඇරලා යන්න සූදානමින් ඉන්නවා දැනුත් රට අ ත්ඇ රලා යනවා.