― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalවිදුලිබල මණ්ඩලය විකුණන්න ජනතාව ඡන්දය දීලා නෑ

විදුලිබල මණ්ඩලය විකුණන්න ජනතාව ඡන්දය දීලා නෑ

විදුලිබල මණ්ඩලය විකිණීමට ජනතාව ඡන්දය ලබා දී නොමැති බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 8 දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

විදුලි බල මන්ඩලය අවුරුදු තුනකට සැරයක් තමයි විදුලිය වැඩිකිරීමේ යම් සමාලෝචනයක් ඉල්ලා සිටින්නේ. 2022 අගෝස්තු මාසේ විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් අනුව මිල වැඩි කිරීම කරා.

 මහජන උපයෝගීතා කොමිසම කිව්වා මිල වැඩි කිරීම සීයට 75 කින් කරන්න කියලා. ඒගොල්ලො උත්පාදන වියදම අඩු කරන්න කිව්වා. ලෝක වෙළද පොලේ මිලට අනුවම ඉන්ධන දෙන්න කිව්වා.

 ඛනිජ තෙල්  සංස්ථාව විදුලිබල මණ්ඩලයට තෙල් දෙන්නෙ අති විශාල ලාභයක් තියාගෙන.

 විදුලි ඉල්ලුම සපයන්න බෑ කියන කතාවක් කියනවා ඇමතිවරයා

 දැනටමත් අයි එම් එෆ්එ ක කියලා තියෙනවා සීයට හතරක හෝ පහක ආර්ථික කඩා වැටීමක් මේ වසරේ වෙයි කියලා.

 මේ හදන්නේ හදිසි විදුලි මිලදී ගැනීම් කරන්න. මෙච්චර වහිද්දි වි දුලිය මිලදී ගන්නවා.

විදුලි බිල කියන්නේ අනෙකුත් සියලු භාණ්ඩත් එක්ක සංවේදීව බලපාන එකක්‌.

 අපි එකඟයි මහජන බදු මුදල් වලින් කොටසක් විදුලි බලය සඳහා වෙන් කරන එකට.

 නොවැම්බර් මාසේ ලාභය තවම ආවේ නෑ නමුත් ඊට කලින් මාසයෙ ලාභ අරගෙන. එතකොට පාඩුයි කියල විකුනන්නෙ මොකක්ද

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප නෙමෙයි පාඩුවට හේතුව. අඩු විදුලි ඒකක පාවිච්චි කරන අයට සුබසාධන දීලා නෑ විදුලි ඒකක දාහ දෙදාහක්   පාවිච්චි කරන  අයට සුබසාධන දීලා.

 ඇත්තටම විදුලිබල මණ්ඩලයට පාඩු වෙන්නේ හදිසි මිලදීගැනීම් කිය කිය කම්පැනි වලින් මිලට ගන්න විදුලිය ඒකක නිසා.

 හරියට උත්පාදන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීම නිසා සිද්ධ වෙච්ච සමස්ත අලාභය එක්සත් ජනපද ඩොලර් මිලියන දාසය දාස් පනස් පහක්. ඩොලර් බිලියන දාසයක් 87 සිට මේ දක්වා විදුලි ජනන සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා මේ පාඩුව.

 ඒ විනාශය කරලා දැන් ඒ පාඩුව ජනතාව මත පටවන්න යනවා.

 දේශපාලන ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ විදුලි බලය සම්බන්ධ තීරණ ගැනීමේ බලය විදේශික සමාගමකට හම්බ උනාම ලංකාවේ දේශපාලන ස්වෛරීත්වය ඉතුරු වෙයිද.

පාරිභෝගිකයින්  මුදල් අය කර ගැනීම 99.5% යි ඇමතිවරු 86 දෙනෙක් ඉන්නවා බිල් ගෙවපු නැති. අපි මාස දෙකක් බිල් ගෙව්වේ නැත්තං ලයිට් කපනවා.

 මේ තත්ත්වයට එරෙහිව ක්‍රියාකළ යුතුයි මේ තත්ත්වය වළක්වා ගත යුතුයි.

 විකිණීමට නියමිත රාජ්‍ය ආයතනවල සියලු දෙනා එකතුවෙලා එයට එරෙහිව පියවරක් ගත යුතුයි.

 සියලු වෘත්තීය සමිති මහජන සංවිධාන එකට එකතු විය යුතුයි.මේ විනාශය අපි කරන්න දෙන්නෙ නෑ.

 මේවා කරන්න ගියොත් ඉතාම නරක ඉරණමකට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙයි කවුද ඡන්දය දීලා තියෙන්නේ විදුලිබල මණ්ඩලය  විකුණන්න ජනතාව ඡන්දය දීලා නෑ