23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalමත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සාක්කු පරික්ෂා කරන්න

මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සාක්කු පරික්ෂා කරන්න

මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට නම් කල යුත්තේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සාක්කු පරික්ෂා කිරීම බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා සිතාරා කුලරත්න පවසයි.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද 20 දින කොළඹදී පවත්වන ලද මාධ්‍යහමුවකදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා සිතාරා කුලරත්න මේ බව පැවසීය.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා සිතාරා කුලරත්න

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් රට තුළ ඇතිවෙලා තියෙනවා. පොලිසිය මත්ද්‍රව්‍ය මඩින්න කියලා පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අරගෙන යනවා.

 පොලිසිය එස්ටීඑෆ් එක පාසල් අසලට දාලා පාසල් ඇතුලට මත්ද්‍රව්‍ය ඒම වලක්වන්න කියලා පොලීසිය කියනවා.

 විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන දරුවන්ගෙ කාන්තාවන්ගේ පුද්ගලයින්ගේ වොයිස් කට් ප්‍රචාරය වෙනවා. පාසල් දරුවන්ගේ පාසල් බෑග් පරික්ෂා කරලා කොහොමද මත්ද්‍රව්‍ය නවත්වන්නේ.

පාසල් දරුවෝ ලක්ෂ හතළිස් අටක් විතර ඉන්නවා. ඊට වැඩිය ඉතාමත් පහසු දෙය තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම් කාරයෝ දහයක් පහළොවක් ඉන්නේ. ඒ පිරිස ගැන ක්‍රියාමාර්ග නොගෙන ලක්ෂ 48ක දරුවන්ගේ බෑග් පරික්ෂා කරනවා කියන්නේ ප්‍රායෝගිකව ඉතාම අසාර්ථක ක්‍රියාවලියක්.

 අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත ඇවිල්ල කියනවා මත්ද්‍රව්‍ය අල්ලන්න ගුරුවරු න්ට පුහුණුවක් දෙන්න ඕන කියලා.

 දෙසැම්බර් 21 22 23 කියන දවස් තුනේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මේ සඳහා ගුරුවරුන්ට පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තියෙනවා.

 පහුගිය කාලේ ආණ්ඩුව විවිධ හේතු ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරා.

 මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න මත්ද්‍රව්‍ය කාරයන්ට එරෙහිව පියවර ගන්න ඕන. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෝ අත් අඩංගුවට ගන්න ඕන.

 හැමදාම අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. පහුගිය අයවැයෙන් ඉතා විශාල මුදලක් වෙන් කළා ආරක්ෂක වියදම් වලට. ගුරුවරුනුත් පුහුණු කරන්න ගත්තහම මොකද වෙන්නේ.

විෂ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වුණ අය කියලා ඇවිල්ලා වොයිස් කට් ලබාදෙනවා. එයාගෙ වොයිස් කට් ලබා ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. මත්ද්‍රව්‍ය ගත්තේ කොහෙන්ද කියල හොයලා පොලිසිය කළ යුතු දේ තමයි ඒ සම්බන්ධ පුද්ගලයෝ අත්අඩංගුවට ගන්න එක.

 අපිට මේකෙදි මතුවෙන සාධාරණ සැකයක් තියෙනවා මාධ්‍ය ආයතනවලින් අපි ඉතා කාරුණිකව ඉල්ලනවා මේ සඳහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින්  ආණ්ඩුව නටන මේ නාඩගම් වලට ඉඩ දෙන්න එපා කියලා.

 මේ හරහා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමෝට් කරනවාද කියන සැකය අපිට තියෙනවා.

 දුම්වැටි ප්‍රචාරණය සඳහා මෙවැනි කැම්පේන් යොදා ගත්තා කියලා අපිට අනාවරණය වුණා

 දුම්වැටි ආපු මුල් කාලයේ දී ප්‍රචාරය වුණා වයස අඩු පුද්ගලයින්ට දුම්වැටි සුදුසු නැහැ කියලා.

 අඩු වයස්  පුද්ගලයෝ කැමතියි තමන් වැඩිහිටියෙක් කියලා පෙන්වන්න. මෙවැනි ආකාරයේ ප්‍රචාරණයක් දුම්වැටි සඳහා භාවිතා කළා කියලා මේ වෙනකොට හෙළි වෙලා තියෙනවා.

වෙලේ සුදාව අත්අඩංගුවට ගත්ත මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්නේ. ඒත් මත්ද්‍රව්‍ය තියෙනවා පහුගිය කාලේ අහන්න ලැබුන මාකදුරේ මදුෂ්. ඔහු සීඅයිඩී භාරයේ තියාගෙන හිටියා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කිව්වා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයෝ ගැන හෙළි කරලා තියෙනවා කියලා නමුත් ඒ කවුද කියලා කවදාවත් හෙළි වුණේ නෑ.

 මාධ්‍යවේදීන් ඉල්ලා සිටියා මේ දේශපාලකයින් කවුද කියලා හෙළිකරන්න කියලා.

 තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාධ්‍යවේදීන් තොරතුරු ඉල්ලුවා නමුත් පොලීසිය ඒ තොරතුරු ලබා දුන්නේ නැහැ.

 ලොකු නාට්‍යයක් කරලා මාකදුරේ මධූෂ් ඝාතනය වුණා. ඒ ඝාතනයට සම්බන්ධ පුද්ගලයෝ කවුද කියන එක හෙළිදරව් වුණේ නැහැ.

 මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාකදුරේ මධූෂ් නම් මේ වෙනකොට මත්ද්‍රව්‍ය ජාවාරම නැති වෙලා තියෙන්න ඕන.

 මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙදි පොලීසිය හැමදාම අත්අඩංගුවට ගත්තේ හාල්මැස්සො තෝරු මෝරු හැමදාම බේරුණා.

 අවුරුදු කිහිපයකට කලින් විශාල ආන්දෝලනයක් ඇති වුණා පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. ඒ කවුද කියලා එළි වුණේ නෑ ඒ සම්බන්ධව ගත්ත පියවර කුත් නැහැ.

 මත්ද්‍රව්‍ය සම්බන්ධව ඉදිරි පියවරක් ගන්නවා නම් කළ යුත්තේ පාර්ලිමේන්තුව පරික්ෂා කරන එක පාසල් පරික්ෂා කරන එක නෙමෙයි.

 පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සාක්කු පරික්ෂා කරන එක.

 විෂ මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න ඕන කියන මතයේ අපි ඉන්නවා.