26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිෂ මත්ද්‍රව්‍ය වැළැක්වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

විෂ මත්ද්‍රව්‍ය වැළැක්වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.

ඒ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.

මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමින් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් මෙම කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත අතර එම කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ගැටළුව සම්බන්ධයෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

මත්ද්‍රව්‍ය නිවාරණය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් වෙන් කර හඳුනා ගැනීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබාදීම පිළිබඳව ද සාකච්ඡාවට බදුන් කෙරිණි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී දැනට සිරගතව සිටින රැඳවියන් සහ ඔවුන් පිළිබඳ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හා බන්ධනාගාර තුළ ඔවුන් වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රතිකාර විධිමත්ව ලබාදීම යන කරුණු කෙරෙහි ද අවධානය යොමු විය.