27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportජැෆ්නා කිංග්ස් LPL අවසන් තරඟයට සුදුසුකම් ලබයි

ජැෆ්නා කිංග්ස් LPL අවසන් තරඟයට සුදුසුකම් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද සමත්වුණා.

ඒ කැන්ඩි ෆැල්කන්ස් සමඟ පැවති තරඟය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24කින් ජය ගැනීමෙනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි ලකුණු 143ක් රැස්කර ගත්තා.

ලකුණු 144ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ 5වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවු අතර
ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු වාර 11 කදී රැස්කර ගතයුතු වු ලකුණු සංඛ්‍යාව 75 ක් වුවත් ඒ වනවිටත් ඔවුන් පන්දුවාර 11කදී කඩුලු 3ක දැවි ලකුණු 98ක් රැස්කරගෙන සිටි අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගයේ ජය හිමි විය.

කෙසේ වෙතත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිවී තිබෙනවා.