26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශ විනිමය උපයා ගැනීමට කර්මාන්තකරුවන් බල ගන්වන්න රජය සූදානම්

විදේශ විනිමය උපයා ගැනීමට කර්මාන්තකරුවන් බල ගන්වන්න රජය සූදානම්

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේ පැවති “2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල” අමතමිනි.

ලංකා කර්මාන්ත මණ්ඩලය විසින් 21 වන වරටත් මෙය සංවිධානය කර තිබූ අතර හොඳම කර්මාන්තකරුවන් ඇගයීම මෙමගින් සිදු කෙරේ.

බිඳ වැටුණු ආර්ථිකය දෙස බලා පසුතැවෙනවා වෙනුවට වඩා සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය යළි ගොඩනැගුණු අයුරු අපට ආදර්ශයක් සපයන බව ද පැවසීය.