― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් නිවේදනයක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් නිවේදනයක්

ණය පොලී අනුපාත ඉහළ දැමීමට හේතු පැහැදිලි කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද(22) නිවේදනයක් නිකුත් කරමින් කර තිබෙනවා.

ඒ පෙරේදා (20) සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි.

අදාළ තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව බැංකුවේ සභාපති කේෂිලා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා ය.

නමුත් අද(22) නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රකාශ කර සිටියේ අදාළ පොලී අනුපාත ඉහළ දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු ආයතනයක උපදෙස් මත සිදු කළ දෙයක් නොවන බවත්, එය බැංකුවේ ව්‍යාපාරික තීරණයක් බවයි.

වෙළඳපොල පොලී අනුපාත අනුව  අවස්ථානුකූලව ණය පොලී වෙනස් කිරීම සාමාන්‍ය බැංකු ක්‍රියාවලියක් බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී වෙළදපොලේ පොලී අනුපාත පහළ ගියහොත්, තම පොලී අනුපාත පහළ දැමීමට තීරණය කරන බව ද බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.