― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට සියලු දේශපාලනඥයින් එකතු විය යුතුයි

රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට සියලු දේශපාලනඥයින් එකතු විය යුතුයි

වගකීම් සියල්ල ආණ්ඩුව පිට පවරා ඊළග මැතිවරණයෙන් බලය ලබා ගැනීමට උත්සාහ දරන සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයෙන් බැහැරව රට වෙනුවෙන් වූ සදාචාරාත්මක වගකීම ඉටු කිරීමට සියලු දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

උද්ධමනය වැඩිවීමත් සමඟ සිදු වූ භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ජනතාව පත්ව සිටින අසීරුතාව තමා අමතක කර නොමැති අතර, පියවරින් පියවර රටේ ආර්ථික ගැටලු විසඳා ගනිමින් ලබන වසරේ සිට ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය නගර ශාලාවේ පැවති ආහාර සුරක්ෂිතතා දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.