26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනවසරයෙන් ව්‍යාපාරයන්හි නිරත සංචාරකයන් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නවා

අනවසරයෙන් ව්‍යාපාරයන්හි නිරත සංචාරකයන් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නවා

විවිධ රටවල සිට සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් කිසිදු ලියාපදිංචියක් හෝ බලපත්‍රයක් නොමැතිව විවිධ ව්‍යාපාරයන්හි නිරත වන බවත්, මේ සම්බන්ධයෙන් වහා ම පියවර ගන්නා ලෙසත්, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී උපදෙස් ලබාදුන්නේය.

මෙම පිරිස විවිධ භාණ්ඩ අලෙවි කිරීමේ සිට කුඩු විකිණීම දක්වා විවිධ ව්‍යාපාරයන්හි නිරත වන බවත්, සිය රටේ මුදල් ඒකකවලින් ම රැගෙනවිත් ආපසු රැගෙන යන බවත්, එමගින් මෙරට ආර්ථිකයට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

පොලීසියට පැමිණිලි කළ ද ක්‍රියාමාර්ග ගැනීමට නියෝග නොමැති බැවින් පොලීසිය ද නිරුත්තර වන බවත් මේ නිසා ගාල්ල ඇතුළු දේශීය සංචාරක කලාපවල ව්‍යාපාරයන්හි නිරත වන්නන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.