22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋඩරට දමිළ ජනතාව ඇගයීමට උත්සව මාලාවක්

උඩරට දමිළ ජනතාව ඇගයීමට උත්සව මාලාවක්

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලංකා ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගයීමේ උත්සව මාලාවක් සඳහා ජනපති කළ ඉල්ලීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වතුකරයේ ආදායමෙන් තුනෙන් එකකට වඩා දායකත්වය ලබා දෙන කඳුරට දෙමළ ප්‍රජාවේ ප්‍රථම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් 2023 පෙබරවාරි මස මෙම වැඩසටහන් මාලාව පැවැත්වීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීමට මෙලෙස කඩිනම් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මීට වසර දෙසීයකට පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ උඩරට දෙමළ ජනතාවගේ සේවය ඇගයීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කිරීමට අපේක්ෂා කරයි.

150,000 කට අධික උඩරට දෙමළ වතු කම්කරුවන් පිරිසක් ප්‍රධාන වශයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් ආශ්‍රිතව පදිංචිව සිටින අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද ඔවුන්ගෙන් සැළකිය යුතු දායකත්වයක් හිමිවේ.