30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙවන චාල්ස් රජුගේ ආරක්ෂාවට තර්ජනයක්

දෙවන චාල්ස් රජුගේ ආරක්ෂාවට තර්ජනයක්

එළැඹෙන නත්තල් සමයේ රජ පවුල සහභාගිවන ජනහමුවල දී බ්‍රිතාන්‍යයේ දෙවැනි චාල්ස් රජුගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරිමට තීරණය කර ඇත්තේ මාස දෙකක කාලයක් ඇතුළත චාල්ස් රජු විසින් සිදුකළ
පොදු හමුවීම් වල අවස්ථා දෙකකදී චාල්ස් රජු බිත්තර ප්‍රහාරයන්ට ලක්වීම හේතුවෙනි.

දෙසැම්බර් මස මුල්දී ලූටන් හි ශාන්ත ජෝර්ජ් චතුරශ්‍රයේ දී චාර්ල්ස් රජුට එක් බිත්තර ප්‍රහාරයක් එල්ල වූ අතර නොවැම්බර් මාසයේ මුල් සතියේ දී යෝර්ක් ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිය දී චාර්ල්ස් රජුට පළමු බිත්තර ප්‍රහාරය එල්ල විය.

එම නිසා නැවත වතාවක් චාර්ල්ස් රජුට එවැනි විරෝධතාවක් එල්ල වේ යැයි ආරක්ෂක අංශ සැක මතු කරනවා.