අපරාධ සහ විවිධ දූෂණ වංචා චෝදනා පදනම් කරගෙන පසුගිය වසර හතරේදී (2018-2021) මෙරටින් විදේශිකයන් එක්දහස් නවසිය පනස් පස් දෙනකු නෙරපනු ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
වැඩිම විදේශිකයන් පිරිසක් නෙරපනු ලැබ ඇත්තේ 2019 වර්ෂයේදීය. එම සංඛ්‍යාව 898 කි
2018 වර්ෂයේදී විදේශිකයන් 678 දෙනෙකුත්, 2020 වර්ෂයේදී විදේශිකයන් විදේශිකයන් 249 දෙනෙකුත්, 2021 වර්ෂයේදී 130 දෙනෙකුත් නෙරපනු ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.