27.8 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමෘද්ධි ප්‍රතිලාභීන් හදුනා ගැනීමේ සමීක්ෂණය ලබන මාර්තුවෙන් අවසන්

සමෘද්ධි ප්‍රතිලාභීන් හදුනා ගැනීමේ සමීක්ෂණය ලබන මාර්තුවෙන් අවසන්

සමෘද්ධි ප්‍රතිලාභීන් නිවැරදි ව හදුනා ගැනීමේ සමීක්ෂණ කටයුතු එළඹෙන මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

සමෘද්ධිලාභීන් පිළිබද නිසි ඇස්තමේන්තුවක් නොමැති නිසා පසුගියදා විවෘත අයදුම්පත් කැඳවීමට රජය පියවර ගත් අතර ඒ අනුව මේවන විට අයදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 38ක් ලැබි ඇත.

එම අයදුම්පත් අතරින් සැබෑ ප්‍රතිලාභින් තෝරා ගැනීමේ කටයුතු ග්‍රාම නිලධාරි මට්ටමින් ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.