30 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෞද්ධ හා පාලි සරසවියේ ශිෂ්‍ය සංගමයේ ලේකම් යළි රිමාන්ඩ්

බෞද්ධ හා පාලි සරසවියේ ශිෂ්‍ය සංගමයේ ලේකම් යළි රිමාන්ඩ්

ඉකුත් 13 දා අනවසර උද්ඝෝෂණයක් හා විරෝධතා පාගමනක් සංවිධානය කිරීම හා එය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් හිමි ලබන 09 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

සිද්ධියට සම්බන්ධය අදාලව අත්අඩංගුවට ගත් තවත් සිසුන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය .

එම නඩුව 2022.04.03 දා යළි කැදවීමට නියමිතය .