― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමේ වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

මේ වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

මේ වසරේ සංචාරක ආගමනය පිළිබඳ වාර්තාවක් නිකුත් කරන සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2022 දෙසැම්බර් 26 දක්වා මෙරටට විදේශීය සංචාරකයින් 701,331ක් පැමිණ ඇති බවයි.

මෙම වසර නිමවන විට 720,000ක පමණ සංචාරකයින් පිරිසක් 2022 වසර තුළදී සමස්ත වශයෙන් මෙරටට පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

සංචාරක සංවර්ධන අධිකාරියට අනුව, මෙය 2021 දී වාර්තා වූ 194, 495 ට සාපේක්ෂව කැපී පෙනෙන වැඩි වීමක්.

මේ වසරේ සංචාරක ආගමනය පිළිබඳ වාර්තාවක් නිකුත් කරන සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2022 දෙසැම්බර් 26 දක්වා මෙරටට විදේශීය සංචාරකයින් 701,331ක් පැමිණ ඇති බවයි.

වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් රුසියාවෙන් පැමින ඇති අතර එම සංඛ්‍යාව 15,681ක්.

මිට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 13,892ක්,එක්සත් රාජධානියෙන් සංචාරකයින් 6000 කට වැඩි පිරිසක් හා ඔස්ට්‍රෙලියාවෙන් සංචාරකයින් 4000 කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.

තවද ජර්මනියෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් සංචාරකයින් 3000 බැගින් පැමිණ ඇති අතර මාල දිවයින, ප්‍රංශය සහ කැනඩාවෙන් මෙරටට විදේශීය සංචාරකයින් 2000 බැගින් පැමිණ ඇති බවයි මේ වාර්ථාව පෙන්වා දෙන්නේ.