අල වගාවට සහ තේ වගාවට අවශ්‍ය විශේෂ පොහොර වර්ග 02ක් සතියක් තුළ නිෂ්පාදනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (27) ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දුන්නේය.
ඒ අනුව අල සහ එළවළු වගාවට අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම ලංකා පොහොර සමාගමටත්, තේ වගාව සඳහා අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම කොමර්ෂල් පොහොර සමාගමටත් පවරනු ලැබීය.
මෙම පොහොර වර්ග 02 නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.
එම පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය යූරියා, MOP සහ වෙනත් සංඝටක මේ වනවිටත් එම සමාගම් සතුව පවතින බව සභාපතිවරු දෙදෙන ප්‍රකාශ කළහ.
රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම්වල වත්තල පිහිටි ගබඩා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.