ලබන වසරේ ජනවාරි සිට මාස 5ක කාලයක් අනුරාධපුර සහ වව්නියාව අතර දුම්රිය ධාවනය නොවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය නවතා දැමෙන අතර, අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගීන් ශ්‍රී ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරිමට සැලසුම් කර ඇති බවයි කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියා.