31.1 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

ත්‍රීරෝද රථ රියදුරෙකුගෙන් පුද්ගලයෙකුගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංකා මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකු බව අධ්‍යක්ෂවරයා කීය.

සැකකාර කොස්තාපල්වරයා පෙරේදා 27 රාත්‍රියේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථයක් පැද වූ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ඉල්ලා එම අවස්ථාවේදී එම පුද්ගලයා සතුව තිබූ රුපියල් රුපියල් 3000ක මුදලක් ලබාගෙන ඉතිරි මුදල් පසුදින (28) ලබා දෙන ලෙස දන්වා ඔහුගේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය සැකකාර කොස්තාපල්වරයා ඇපයට තබා ගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පුද්ගලයා ඊයේ 28 පෙරවරුවේ වාද්දුව පොලිසියට ගොස් සැකකාර කොස්තාපල්වරයා හමුවී ලබාදීමට නියමිත රුපියල් 7000ක මුදලින් 2000 ක් අඩුකරගෙන ඉතිරි මුදල රුපියල් 5000 පසුව ලබා දෙන බවට පොරොන්දු වී පැමිණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා එකී මුදල ත්‍රීරෝද රථ රියදුරුගෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.