27.8 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමට එන ඉන්දීය සංචිතය නම් කෙරේ

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමට එන ඉන්දීය සංචිතය නම් කෙරේ

ජනවාරි 03 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා -ඉන්දියා ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර 20 හා එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ද එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව පන්වාදුර 20 කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා වෙත හිමිවී තිබෙනවා.

කණ්ඩායමේ උප නායකත්වය හිමිවී ඇත්තේ සූර්යකුමාර් යාදව්ට ය.

කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් වන්නේ ඉෂාන් කිෂාන්, රුතුරාජ් ගයිඩ්, ශුබිමන් ගිල්, දීපක් හූඩා, රාහුල් ත්‍රිපාති, සංජු සැමිසන් (කඩුළු රකින්නා), වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, අක්සාර් පටෙල්, අස්ක්ටොප් සිං, හර්සල් පටෙල්, උම්රාන් මලික්, ශිවම් මාව්, මුකේෂ් කුමාර්.

තරගාවලිය සඳහා එක්වන ඉන්දීය එක්දින සංචිතයේ නායකත්වය රෝහිත් ෂර්මා විසින් දරන අතර, උපනායකත්වය හර්දික් පාණ්ඩ්‍යා ට පවරා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරගවදින ඉන්දීය කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ ශුබිමන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, කේඑල් රාහුල්, ඉෂාන් කිෂාන් (කඩුළු රකින්නා), වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව්, අක්සාර් පටෙල්, මොහොමඩ් සාමි, මොහොමඩ් සිරාජ්, උමිරාන් මලික්, අන්දීස් සිං