27 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති අඹේවෙල ගොවිපළ සම්බන්ධයෙන් ගත් තීරණය

ජනපති අඹේවෙල ගොවිපළ සම්බන්ධයෙන් ගත් තීරණය

අඹේවෙල ගොවිපළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ඔවුන්ට ලබාදී එය තෘණ භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා කිරි දෙනුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අඹේවෙල ගොවිපොල සමූහයට අයත් යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ඒකකයේ ඊයේ (27) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය අගය කළ ජනාධිපතිවරයා එය අනෙකුත් ගොවිපොළවලට ආදර්ශයක් බව ද පැවසීය. මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන සහ ගොවිපල තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රධානතම මධ්‍යස්ථානය බව අඹේවෙල ගොවිපොල සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා පැවසීය.