26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනශක්ති සභාපතිගේ අභිරහස් මරණයේ ප්‍රගතිය සොයන්න පොලිස්පති සී.අයි.ඩී යට

ජනශක්ති සභාපතිගේ අභිරහස් මරණයේ ප්‍රගතිය සොයන්න පොලිස්පති සී.අයි.ඩී යට

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් පාෂ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

එහිදී පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජේෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවි උපදෙස් ලබා දුන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඉකුත් 15 වැනි දින රාත්‍රී එංගලන්තය බලා පිටත් වීමට හෝරා කීපයක් තිබියදී පාස්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ අනාථ පැත්ත යැයි හඳුන්වන ප්‍රදේශයේ සිය මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබූ අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ දී පැය පහකට අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබිණි.

අදාල අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට ඔහුගේ බිරිඳ, නැන්දම්මා ඇතුළු පුද්ගලයන් 84 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර
සීසීටීවී කැමරා දර්ශන 60කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇත.

ඊට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ද පරීක්ෂණ පැවැත්වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.