27.8 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනකු සේවයෙන් පහකරයි

තල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනකු සේවයෙන් පහකරයි

තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු හා එහි විගණන නිලධාරියා සේවයෙන් පහකර තිබෙනවා.

තල් සංවර්ධන මණ්ඩලයේ සිදු වූ රුපියල් මිලියන 38 ක මූල්‍ය වංචාවක් හා තම සේවය අවභාවිත කිරීම යන චෝදනාවලට ඔවුන් වරදකරුවන් වී ඇත්තේ විෂය භාර අමාත්‍යාංශය පැවැත් වූ විගණන පරීක්ෂණයකිනි.

සේවයෙන් පහ කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සහ විගණන නිලධාරියා තල් සංවර්ධන මණ්ඩලයේ වැටුප් ලබන අතරේ විශ්වවිද්‍යාල දෙකක ද සේවය කරමින් වැටුප් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව එහි සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේ ය.