26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදෙසැම්බර් 31 වනදා සිට රාජ්‍ය සේවයේ 30,000ක් විශ්‍රාම යයි

දෙසැම්බර් 31 වනදා සිට රාජ්‍ය සේවයේ 30,000ක් විශ්‍රාම යයි

දෙපාර්තමේන්තු, රාජ්‍ය, සංස්ථා ඇතුළු රාජ්‍ය අංශයේ‍ සියලු ව්‍යවස්ථාපිත ආයතන නියෝජනය වන පරිදි දෙසැම්බර් 31 දිනට රාජ්‍ය සේවකයන් තිස්දහසක් විශ්‍රාම ගැන්වීමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

මේ වසරේ දෙසැම්බර් 31 දිනට විශ්‍රාම ගන්වන රාජ්‍ය සේවකයන්ගෙන් පුරප්පාඩු වන සියලු තනතුරු සඳහා යළි බඳවා ගැනීමක් සිදුනොවනු ඇතැයි ඔහු පැවසුවා.

රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම් නතර කරන ලෙසට චක්‍රලේඛයක් මගින් දැනුම් දී නොමැති නමුත් විශ්‍රාම යන පිරිසෙන් ඇතිවන සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නොමැති බව ද හෙතෙම කීවේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතිවන සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව පැවසූ වක්කුඹුර මහතා මුදල් අමාත්‍යාංශයේ හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබෙන ආකාරයට අනෙකුත් රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සිදුකරන බව ප්‍රකාශ කළේ ය.

මෙලෙස විශ්‍රාම යන 30,000ක පිරිසගේ වැටුපෙන් 85%ක්ම ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලෙස ගෙවීමට ආණ්ඩුවට සිදුවන බවද රජයක් හැටියට මෙම අවස්ථාවේ රටේ පවතින බර අඩු කරගැනීමට මෙන්ම ජනතාවට ලබාදිය යුතු සහයෝගය ලබාදීමට සෑම අතකින්ම කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.