26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධීව රුමේනියාවට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් හසුවෙයි

නීතිවිරෝධීව රුමේනියාවට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් හසුවෙයි

නීතිවිරෝධි ලෙස රුමේනියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුමේනියානු දේශසීමාවේදී භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් පරීක්ෂා කිරිමේදී එහි සැඟවී සිටියදී අදාළ සංක්‍රමණිකයින් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉන් එක් ට්‍රක් රථයක් පරීක්ෂා කිරිමේදී එරිත්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයින් 17 දෙනෙකුත් අනෙක් ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී එහි ශ්‍රී ලාංකිකයින් සහ පාකිස්තාන ජාතිකයින් 11 දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවද වාර්තාවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද එරට පොලීසිය සඳහන් කර තිබේ.