31.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමසුන් මැරීමට ගොස් අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා හමුවෙයි

මසුන් මැරීමට ගොස් අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා හමුවෙයි

මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටි ධීවරයන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 19 සහ 23 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක් පසුගිය 23 වනදා මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබූ අතර ආපසු නොපැමිණීම හේතුවෙනුයි ඥාතීන් පොලිසියට දැනුම්දී ඇති අතර අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සෙවීම ආරම්භ කර තිබෙනවා.

දින කිහිපයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ධීවරයන් දෙදෙනා රැගත් යාත්‍රාව කල්පිටිය මුහුදට නුදුරුරින් වූ මුහුදු තීරයේ පාවෙමින් සිටියදී නාවික හමුදාව විසින් සොයාගනු ලැබුවා.

සිලාවතුර මුහුදු ප්‍රදේශයෙන් ඔබ්බට මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේ යාත්‍රාවේ එංජිමේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් එය පණගැන්වීමට නොහැකිව දින දෙකකට වැඩි කාලයක් මුහුදේ පාවෙමින් සිටි බවයි ඔවුන් පවසා ඇත්තේ.