ජනප්‍රිය රෙගේ ගායක බොබ් මාලේගේ (Bob Marley) මුනුපුරා සහ ග්‍රැමී සම්මානලාභී සංගීතවේදී ස්ටීවන් මාලේගේ පුත් ජෝසප් ජෝ මර්සා මාර්ලි (Jo Mersa Marley) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියයන විට ඔහු 31 වන වියෙහි පසු වුණා.
සිරුර ඔහුගේ වාහනයේ තිබී හමු වී ඇති අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
එමෙන්ම ඔහුගේ සමීපතමයින් මෙම මරණය සම්බන්ධයෙන් මෙතක් අදහස් දැක්වීමක් ද සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම මරණයට හේතුව ඇදුම රෝගයක් බව තහවුරු වී ඇතැයි ඇතැම් වාර්තාවල සඳහන් වෙනවා.