27.8 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසර 23 කට පසු එලවළු දුම්රියෙන් කොළඹට එයි

වසර 23 කට පසු එලවළු දුම්රියෙන් කොළඹට එයි

වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු ඊයේ ආරම්භ වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුවයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම සදහා විශේෂ මැදිරි පහක් සකස් කර ඇත.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ඊයේ පස්වරු 5 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එලවළු ප්‍රවාහනය ආරම්භ කල අතර , එම විශේෂ දුම්රිය රාත්‍රි 12 ට කොළඹ කොටුව වෙත ළගා විය.

කොළඹ පිහිටි සුපිරි වෙලදසැල් වලට සහ මැනිං වෙලදපොල වෙත අවශ්‍ය එලවළු තොග එම දුම්රියෙන් ප්‍රවාහනය කල අතර , එම දුම්රියෙන් මගින්ට ගමන් කිරිමට අවස්තාව නොලැබෙන බවත්, සිඝ්‍රගාමි දුම්රියක් ලෙස මෙය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි අසංක සමරසිහ මහතා සඳහන් කළා.