28.1 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසුළු වැරදි කරන පුද්ගලයන් බන්ධනාගාරගත නොකර අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක්

සුළු වැරදි කරන පුද්ගලයන් බන්ධනාගාරගත නොකර අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක්

සුළු වැරදි සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට මවුපියන් හෝ වෙනත් භාරකරුවෙක් යටතේ මාස කිහිපයක් නිවාස අඩස්සියේ තැබීමට අදාළ නීති ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එවැනි සැකකරුවන් බන්ධනාගාරය තුළදී විවිධ පුද්ගලයන් ඇසුරු කර දරුණු ගණයේ අපරාධකරුවන් බවට පත්ව සමාජගත වන බවට තොරතුරු අනාවරණය වන බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළ නීති ප්‍රතිසංස්කරණ කිරීම සඳහා නීතිඥ සංගමය ඇතුළු අදාළ විශේෂඥයන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවැසීය.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ඇතුළු පළමු වතාවට සුළු වැරදිවලට සම්බන්ධ වූවන් මේ ආකාරයට භාරකරුවෙක් යටතේ නිවාස අඩස්සියේ තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.