25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජීව උණ්ඩ සමග ඇමරිකානු ජාතිකයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

ජීව උණ්ඩ සමග ඇමරිකානු ජාතිකයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වීමට පැමිණි ඇමරිකානු ජාතිකයෙකුගේ ගමන් මල්ලේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ සහ මැගසිනයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් යළි සිය රට බලා යාමට පැමිණි ඇමරිකානු ජාතිකයෙකුගේ ගමන් මල්ලේ තිබී මෙම උණ්ඩ ඊයේ රාත්‍රී ගුවන්තොටුපල පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් සඳහන්.

ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ඔහුගේ ගමන් මළු පරිලෝකන යන්ත්‍රයක් ඔස්සේ පරීක්ෂා කිරීමේ දී මෙම ජීව උණ්ඩ තොගය සහ පතරොම් ගැබ සොයා ගෙන තිබේ .

ඉන්පසුව මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය  දැනුවත් කිරීමෙන් පසුව , එම නිලධාරීන් පැමිණ රාත්‍රී 06.15 ට පමණ මෙම කළු ජාතික ඇමෙරිකානුවා අත් අඩංගුවට ගෙන තිබේ .

සැකකරු සිය ජපන් ජාතික පෙම්වතිය සමග  මාළඹේ ප්‍රදේශයේ සිටින මිතුරියකගේ විවාහ උත්සවයට සහභාගී වී පිටත් වීමට සූදානම් වී ඇත.

මෙම ඇමෙරිකානු ජාතිකයාට එරට තුළ ගිනි අවි භාවිතය සදහා නීතිමය අවසරය සහිත බලපත්‍රලාභියෙකි .