35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපුංචි ඡන්දෙට සජබ සම්මුඛ පරීක්ෂණ අරඹයි

පුංචි ඡන්දෙට සජබ සම්මුඛ පරීක්ෂණ අරඹයි

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ලබන වසර මුල සිටම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සමගි ජන බලවේගයට අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි කොළඹ දී අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියා.

අද සිටම සම්මුඛ පරීක්ෂණ ආරම්භ කළ බව ද මහ ලේකම්වරයා සඳහන් කළ අතර අඛණ්ඩව දින හතක් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුම කණ්ඩායම සඳහා මෙවර අපේක්ෂකත්වය ලබා දෙන බවයි ඔහු පැවසුවේ.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණා.