27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත් උවදුර මර්දනයට මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි

මත් උවදුර මර්දනයට මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි

මත් උවදුර මර්දනයට මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බන්ධනාගාර ආධුනික නියාමක පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරන ලද, 103 c ආධුනික නියාමක පුහුණු පාඨමාලාවේ නිලධාරීන් හා නිලධාරිණියන් විසිරයාමේ අභිමානවත් උත්සවයට එක්වෙමිනි.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා පැතිර ඇති අයිස් ඇතුළු මත් ද්‍රව්‍ය සඳහා අහිංසක දුගී දුප්පත් තරුණ තරුණියන් යොමු කරවනු ලබන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කළ යුතු බවත් ඒ් වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇති අතර, මත් උවදුර මර්දනය කිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසුවා.