30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවගා නොකරන පුරන් කුඹුරු රජයට

වගා නොකරන පුරන් කුඹුරු රජයට

2023 වසරේ දී මෙරට දිස්ත්‍රික් 08ක පුරන් කුඹුරු අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව මාතලේ, නුවරඑළිය, වව්නියාව, කුරුණෑගල මන්නාරම, පුත්තලම හා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල වසර 05ක් තිස්සේ වගා නොකර ඇති කුඹුරු අක්කර 2774ක් හා ඉතිරි දිස්ත්‍රික්කවලින් තෝරාගත් පුරන් කුඹුරු අක්කර 11,256ක් ඇතුළත්ව අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට තීරණය කර ඇත.

2023 වසරේ දී ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක 08 පුරන් කුඹුරු නොමැති දිස්ත්‍රික්ක බවට පත් වෙනු ඇත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙරට සෑම දිස්ත්‍රික්කයකම තිබෙන පුරන් කුඹුරු ශුන්‍ය කිරීමේ වැඩ පිළිවෙළ අනුව මේ වනවිට අනුරාධපුර, පොලොන්නරුව, කිළිනොච්චිය, හම්බන්තොට, අම්පාර ,මුලතිව්, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු සියල්ලම ශුන්‍ය තත්ත්වයට පත් කර ඇත.

2023 වසරේ දී ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක 08හි දැනට පුරන් කුඹුරු වශයෙන් පවතින අක්කර 14,000ක් හඳුනාගෙන තිබේ. මෙම පුරන් කුඹුරු සියල්ල වගා කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 550ක මුදලක් ලබා දී ඇත.

මෙම පුරන් කුඹුරු රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගැනීමට පෙර අයිතිකරුවන්ට මාස 06ක කාලයක් ලබා දෙන ලෙසත්, එම කාලය තුළ ඔවුන් වගා කිරීමට පියවර නොගන්නේ නම් එම කුඹුරු ඉඩම් තාවකාලිකව වසර 05ක් සඳහා රජයට පවරා ගෙන වගා කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම කටයුතු සදහා ගොවිජන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

මෙතෙක් පුරන් කුඹුරු ශුන්‍ය කරන ලද දිස්ත්‍රික්ක 08ට අමතරව ඉතිරි දිස්ත්‍රික්ක 17 තුළ තවදුරටත් පුරන් කුඹුරු අක්කර 47,471ක් පවතී. මෙම සියලුම පුරන් කුඹුරු අයිතිකරුවන් වගා නොකරන්නේ නම් ඒවා රජයට පවරා ගැනීමෙන් අනතුරුව වගා කිරීමට ඉඩම් නොමැති තරුණ පිරිස්වලට වසර 05ක් යන තෙක් වගා කිරීම සඳහා ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දුන්නේය.