ධීවර සංස්ථාව විසින් නිර්මාණය කරන නවීන Mega Store වෙළඳ සැල් ජාලයේ මිනුවන්ගොඩ ශාඛාව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අතින් විවෘත වුණා.
නවීන වෙළඳසැල් ජාලයක් නිර්මාණය කරමින්, පවතින වෙළඳසැල් ජාලය නවීකරණය කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම කඩිනමින් ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට කටයුතු කළයුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පාරිභෝගිකයන් වෙත ඉහළ සේවාවක් ලබාදිමේ අරමුණින් ඉදිවන මෙම නවින Mega Store වෙළඳසැල් ජාලයේ මිනුවන්ගොඩ (නො:55 කුරුණෑගල පාර, නාලන්දා විද්‍යාලය ඉදිරිපිට) ශාඛාව විවෘත කිරීම ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙමගින් පාරිභෝගික ජනතාවට කරවල, උම්බලකඩ සහ The Fishery by CEYFISH – අවන්හල මගින් සැකසූ ආහාර පාන සහනදායී මිලට මිලදී ගත හැක.