― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ලබන ජනවාරි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

පේරාදෙණිය සරසවියේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරු ඊයේ මහනුවරදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.