26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමඟ නැගුම සැකකරුවන්ට ඇප

මඟ නැගුම සැකකරුවන්ට ඇප

පෑලියගොඩ නුගේ පාර පිහිටි මඟ නැගුම ව්‍යාපෘති කාර්යාලයේදී පැවති 2023 වර්ෂය සඳහා සේවකයන් වැඩ ආරම්භ කිරීම සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද ප්‍රතිඥාව කියවා දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර මඟ නැගුම ව්‍යපෘතියේ සභාපතිවරයාට හා විධායක අධ්‍යක්ෂවරයාට කාර්යාලය තුළ පහරදිමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම අද කළා.

සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. පැමිණිල්ල ලබන 16 වනදා කැඳවීමට ද නියම විය.