27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (05) පැවති දෙවන විස්සයි 20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 16ක ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන T20 තරඟය තරගයේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 206ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 56 ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී උම්රාන් මලික් කඩුලු 3ක් සහ ඇක්සාර් පටෙල් කඩුලු දෙකක් බිඳහෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 190 ක් පමණි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් අක්සාර් පටෙල් ලකුණු 65 ක් හා සූර්‍ය කුමාර් ලකුණු 51 ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 22 කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.

දෙරට අතර මීලඟ තරඟය එළඹෙන සෙනසුරාදා රාජ්කොට් හිදී පැවත්වීමට නියමිතයි.