27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

තීරණාත්මක තුන්වන සහ අවසන් T20 තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 229ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

රාජ්කොට් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක හර්දික් පාන්ඩ්යා අද තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 228ක් ලබාගත්තා.

විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ සුර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 112ක් ලබාගත්තේ පන්දු 51කට මුහුණ දෙමින්. හයේ පහර 9ක් සහ හතරේ පහර 7ක් ඊට අයත්.

මෙය සූර්ය කුමාර් යාදෙව්ගේ වාර්තා අතරට එක්වන්නේ ඔහු T20 තරග දිවියේ රැස් කළ තුන්වන ශතකය ලෙසටයි.

සුබ්මන් ගිල් ලකුණු 46යි. රාහුල් ත්‍රිපති ලකුණු 35ක් ලබාගත්තා.

දිල්ෂාන් මදුෂංක කඩුලු දෙකක් බිඳහෙළුවා. කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.