29 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා සමඟ ඇල්ලූ මොණරාගල SSP රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ගංජා සමඟ ඇල්ලූ මොණරාගල SSP රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට ගැනුණු මොණරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු සතියක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

ඒ, සැකකරුවන් අද (09) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර,නිවසේ සිවිලිමේ සඟවා තිබූ වියළි ගංජා කිලෝග්‍රෑම් 15ක් සමඟ ඊයේ (08) රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ගේ නිල රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා, නිවසේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක්, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුත් අත්අඩංගුව ගෙන ඇත.

මෙම කටයුතු සඳහා භාවිත කළ ජීප් රථයක් හා භූගත ලෝහ වැනි ද්‍රව්‍ය නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.