30.6 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෙඩ රෝග සුවකරන බව පවසා දැරියක් කෙලෙසූ කපුවාට වැඩ වරදියි

ලෙඩ රෝග සුවකරන බව පවසා දැරියක් කෙලෙසූ කපුවාට වැඩ වරදියි

බෙන්තොට කහගල්ල වඩුමුල්ලේ දේවාලයක කපුවකු දේවාරූඪයෙන් ශරීරය අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන මුවාවෙන් බාල වයස්කාර දැරියකගේ  ශරීරය පුරාඉඳිකටුවලින් රුධිරය පිටතට එන තෙක් දුරුකර ලිංගික හිංසනයක් සිදුකර ඇතැයි බෙන්තොට පොලිසිය කියයි.  

මෙම සිද්ධියට මුහුණ පා ඇති දැරිය සිය මව හා නැන්දණිය සමග බෙන්තොට වඩුමුල්ල දේවාලයට පැමිණ ඇති අතර දැරිය ගේ පියා සහ මෙම යකදුරා කලක පටන් දැන හඳුනන අය බවත් ඒ විශ්වාසය මත දැරියගේ ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් සුව කර දීමට දෙපාර්ශවය එකඟතාව මත සැකකාර කපුවා අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ලබාගෙන මොවුන් බෙන්තොට දේවාලයට ගෙන්වා ඇත.

එහිදී එම දැරියගේ ශරීර අභ්‍යන්තරයේ භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි කිසියම් රෝගයක් තිබෙන බැවින් එය දේව මන්ඩලයේ නියමය පරිදි සුව කර දිය හැකි බව පවසා ඇත.

මෙලෙස එම දැරියට හිංසා කර ඇති බවත් පසුව මෙම දැරිය සමග ඇගේ පියා අලුත්ගම පොලීසියට පැමිණිලි කළේය.

බෙන්තොට පොලීසියට ලද පැමිණිල්ල ඔස්සේ දීර්ඝ ලෙස මෙම දේවාලය පිළිබඳ විමර්ශන සිදුකර කපුවා පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත සැකකාර කපුවා දරුවන් දෙදෙනකුගේ පියෙකු වන අතර, මිට පෙරද දේවාලයේ සිදුකරන ලද විවිධ යාගහෝම වලින් මිනිසුන් මුලාකර මුදල් වංචා කර ඇති බවත් අනාවරණය කරගෙන තිබෙනවා.