22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportඉන්දියාවට ලකුණු 67ක ජයක්

ඉන්දියාවට ලකුණු 67ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු එක්දින තරගයෙන් ලකුණු 67ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 දී කඩුලු 7ක් දැවී ලකුණු 373ක් ලබා ගැනීමට සමත්වුණා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 113 කද,නායක රෝහිත් ශර්මා ලකුණු 82ක් හා සුබ්මන් ගිල් ලකුණු 70 ක් ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 88 කට කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 තුල ලකුණු 374ක දැවැන්ත ඉලක්කයක් හිමිවූ අතර ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත්තේ ලකුණු 306 ක් පමණි.

එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක නොදැවී ලකුණු 108 ක් ලබාගැනීමට සමත්වුණා.පැතුම් නිස්සංක ලකුණු 72 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 47 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී උම්රාන් මලික් කඩුලු 3ක් බිද හෙලුවා.