27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරේ තරුණියන් දකුණේ ගණිකා ජාවාරම්වල නිරතවීම ඉහළට

උතුරේ තරුණියන් දකුණේ ගණිකා ජාවාරම්වල නිරතවීම ඉහළට

උතුරේ තරුණියන් විශාල ප්‍රමාණයක් පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් දකුණේ පෞද්ගලික අංශයන්හි රැකියාවල නිරතවන අතරවාරයේදී යම් පිරිසක් ගණිකා ජාවාරම්හීද නිරත වන බවට වාර්තා වෙනවා.

පසුගියදා කළ සෝදිසි මෙහෙයුමකදී කොළඹ, මරදාන ප්‍රදේශයේදී ගණිකා වෘත්තියේ යෙදී සිටියදී කාන්තාවන් 19දෙනෙක් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඉන් 11 දෙනෙකුම මන්නාරම සහ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවට අනාවරණය වී තිබෙනවා.

තරුණියන් පොලීසියට පවසා ඇත්තේ තමන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන නමුත් තමන්ගේ පවුලේ වියදමට සහ තමන්ට ජීවත්වීමට තරම් වැටුපක් නොලැබීම හේතුවෙන් මෙසේ ගණිකා වෘත්තියේ යෙදුන බවයි.

දකුණේ ඇතැම් තැරැව්කරුවන් ද උතුරු පළාතට ගොස් දකුණේ පෞද්ගලික ආයතනයන්හි රැකියා ලබාදෙන බවට පවසා උතුරේ තරුණියන් රවටා දකුණු ප්‍රදේශයට රැගෙනවිත් ගණිකා වෘත්තියට යෙදවීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක බවට අනාවරණය වී තිබෙනවා.

අදාළ තරුණියන් බොහෝ පිරිසක් ආර්ථික අපහසුතා හේතුවෙන් එය හෙළිකිරීමට නොහැකිව අසරණව සිටින බවට උතුරේ කාන්තා සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙනවා.