― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsLocalමැතිවරණය අරගලයේ කොටසක් ලෙස දිනාගන්න

මැතිවරණය අරගලයේ කොටසක් ලෙස දිනාගන්න

මැතිවරණය අරගලයේ කොටසක් ලෙස දිනා ගත යුතු බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමි සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 11 දින පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය .

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

පළාත් පාලන මැතිවරණය සම්බන්ධ විවාදාත්මක කාරණා ප්‍රමාණයක් ඉස්මතු වෙලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට විශාල උත්සාහයන දරනු ලැබුවා

 පසුගිය සතිය වන විට රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ට බලය පැවරිලා නැති ක්ෂේත්‍රයට අත ගහමින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් හතර දෙනෙක් තමන් ලඟට ගෙනල්ල සාකච්ඡා කරලා තිබුණා.

 ඒක නොවිය යුතු දෙයක්.

 එහෙම එකක් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට බලයක් නෑ.

මුදල් රාජ්‍ය ඇමැති  රංජිත් සියඹලාපිටිය ප්‍රකාශයක් කළා සල්ලි අච්චු ගහලා තමයි මැතිවරණය තියන්න වෙන්නේ කියලා.

 රනිල් වික්‍රමසිංහ අහල තිබුණා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  අහල ද මැතිවරණය තියන්නේ කියලා. පාසල් අධ්‍යාපනයේ ප්‍රමාදය නිසා. ඒක පාවිච්චි කරලා මැතිවරණය කල් දාන්න බැලුවා.

 ඊයේ ලිපියක් එනවා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපු හින්න ගේ අ ත්සනින් යුතුව  සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් ආමන්ත්‍රණය කරලා. මේ ලිපිය කියනවා අමාත්‍ය මණ්ඩල ලේකම් ගේ අහවල් අංක සහ  පලවෙනි මාසේ 10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය හා බැඳේ කියලා.

 අමාත්‍ය මණ්ඩලය තීරණය කරලා තියෙනවා නැවත දැනුම් දෙන තුරු ඇප මුදල් භාර ගැනීම නවත්වන්න.. ඒ නිසා ඇප මුදල් භාර ගන්න එපා කියලා.

 අපි සාකච්ඡා කළේ දියවන්නාවේ බලය අභියෝගයට ලක් කළ හැකි විකල්ප බලයක් එළියෙ ගොඩනගන එක.

 මේකේ නිශ්චිතව තියනවා කැබිනට් මණ්ඩලය විසින් තමයි නීල් බණ්ඩාර හපුහින්න මහතාට ඇප මුදල් භාර ගන්න එපා කියන දැන්වීම කරලා තියෙන්නේ. රාජ්‍ය නිලධාරීන්ට අයුතු බලපෑමක් කරලා තියනවා කැබිනට් මණ්ඩලය.

 රාජ්‍ය සේවයේ ඉහළම ඉන්න කෙනෙක් මෙහෙම නිවට වෙන්නෙ මොකටද. දැන් ලියුම රිවස් කරලා තියෙනවා. අදාල අමාත්‍යාංශ නිලධාරිවරයා නිකුත් කරපු නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී  ජනතා පරමාධිපත්‍ය උදුරාගන්නා මේ වැනි චක්‍රලේඛ සම්බන්ධ ඔවුන් සියලු දෙනා සම්බන්ධ පරීක්ෂණ පවත්වලා දඬුවම් දිය යුතුයි.

 ඊයේ හවස් වෙද්දි  මැතිවරණ කොමිසන් සභාව සමන් ශ්‍රී ඒකනායක මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාගේ අත්සනින් නැවත නිවේදනයක් නිකුත් කරලා තියෙනවා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත  අපි හිතනවා මේක නීතිමය වශයෙන් හරි කියලා. මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවක මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කියලා නම් කරලා තියෙන වෙලාවක මැතිවරණ තේරීම් භාර නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සම්බන්ධ නියෝග නිකුත් කිරීමේ බලය තියෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසන් සභාවට මිසක කැබිනට් මණ්ඩලයට නෙමෙයි.

මේක මැතිවරණ තියලා බේරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. පළාත් පාලන මැතිවරණයක් කියලා එකකින් මේ කිසිම දෙයකට උත්තරයක් හම්බ වෙන්නේ නෑ.

 මේ වෙලාවේ මැතිවරණයක් තියාගන්න මේගොල්ලන්ට උවමනාව තියෙනවා.

 වෙල්ගම මහත්තයා කියනවා මම දැක්කා මාධ්‍ය වල මැතිවරණයක් තිබ්බෙ නැත්තං අරගලයක් එයි ඒක නිසා අරගලයක් නවත්වන්න මැතිවරණයක් තියෙන්න කියලා.

 අරගලය මැතිවරණ තියලා නවත්වන්න බෑ. මැතිවරණ තිබ්බත් නැතත් අරගලය ඉස්සරහට යනවා.

 බදු බරින් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට අරගලය ඇරෙන්න වෙන උත්තරයක් නැහැ ඒක නිශ්චිතයි. හදිසි නීති රෙගුලාසි පැනවුව සාමාන්‍ය නීතිය යටතේ පවා ජනතාවට තියෙන අයිතිවාසිකම් උදුරා ගන්න.

 රාජ්‍ය ව්‍යවසායන් විකිණීමට එරෙහිව කම්කරුවෝ උද්ඝෝෂණ කරන්න හදනකොට අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි පැනවූව.

 රාජ්‍ය රහස් ආඥා පනත කියලා පරණ පනතක් පාවිච්චි කරලා කොළඹ  නගරය තුල රැස්වීම් පැවැ ත්වී මේ අයිති උදුරගන්න හැදුවා . අවුරුදු සියයකටත් වඩා පරන පොලිස් ආඥා පනත පාවිච්චි කරලා ජනතාවට පෙළපාලි යාමේ පා ගමන් යාමේ අයිතිය උදුරා ගන්න හැදුවා.

 වසන්ත මුදලිගේ ව නිදහස් කරන්න කියලා කළුතර ඉඳලා පාගමනින් ආපු කාන්තාවන් දෙදෙනෙකුට දෙන්නෙකුට පයින් යන්න බෑ කියලා පොලිසියේ 400ක් පමණ කඩම් පනින්න පොලිසිය නිර්ලජ්ජිත වුණා.

 බස්නාහිර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පෙනී සිටින නීති විරෝධීව තනතුරේ රැඳී සිටින දේශබන්දු තෙන්නකෝන්  විසින් උසිගන්වනු ලැබූ පිරිසක් ඔවුන් මුළු පොලිස් දෙපාර්තමේන්තුව ම අපකීර්තියට ලක් කරමින් කාන්තාවන් දෙනෙකුට පාරේ යන්න බැහැ කියලා නීතියක් හදන්න හැදුවා.

 මෙහෙම ඉතිහාසයක් අපි පහු කරගෙන ආවේ

දැන් ඡන්ද අයිතියට අත තියමින් යනවා. මීට කලින් ඕක කළේ රනිල් වික්‍රමසිංහ ගේ මාමා ජේ ආර් ජයවර්ධන. මම මැතිවරණ සිතියම අකුලනවා කියලා වැඩේ පටන් ගත්තෙ. අන්තිමට ජේ ආර් ට අකුලගෙන යන්න වුණා.

 1994 ඒ වෙච්ච පරාජයෙන් පස්සේ තාම ඔළුව උස්සගන්න බැරි වුණා එක්සත් ජාතික පක්ෂයට

 දැන් එයාගේ බෑනා අවතාරය වගේ නැගිටලා ඇවිල්ලා  මැතිවරණ සිතියම අකුලන කතා කියනවා.

 සමාජ මාධ්‍ය වල අදහස් දක්වා දී සමාජ මාධ්‍ය වල අදහස් දැක්වීම් නවත්වන්න සිංගප්පූරුවේ වගේ පනතක් හදන්න යනවා. කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ හොර නඩය යි විතරයි වෙන කාටවත් කතා කරන්න දෙන්නෙ නෑ කියලා නේ මේ කියන්න යන්නේ .

 අරගලය හරහා ජනතාවට තමන්ගේ ක්‍රියාකාරීත්වය ඔප් නංවා ගන්න පුළුවන්. මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන මතය කියන්න පුළුවන්.

 පොලිසිය මැතිවරණයකට ආරක්ෂාව දෙන්න බෑ කියලා ලිපි යැවීමේ සිට අධ්‍යාපන අමාත්‍යංශය ඡන්ද මධ්‍යස්ථාන සඳහා පාසල් දෙන්න බෑ ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා පාසල් දෙන්න බෑ කියන එකේ සිට මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා ඇවිල්ල සල්ලි නැහැ සල්ලි අච්චු ගහල තමයි ඡන්ද තියන්න වෙන්නේ කියන එකේ සිට ජනාධිපතිවරයා ලෙස ව්‍යාජව පෙනී සිටින රනිල් වික්‍රමසිංහ කොමිෂන් සභාවල සාමාජිකයන් කැඳවලා අයුතු බලපෑම් කරන එකේ සිට කැබිනට් මණ්ඩලය තමන්ට හිමි නැති බලයක් පාවිච්චි කරමින් ඇප මුදල් ලබා ගැනීම නවත්වන්න දිස්ත්‍රික් ලේකම්වරුන්ට නීතිවිරෝධී නියෝග නිකුත් කරන එකේ සිට තව ගොඩක් කුමන්ත්‍රණ දියත් වීමට නියමිතයි.

 අපිට දැන් ආරංචි වෙලා තියෙනවා මැතිවරණ කොමිසමේ  සාමාජිකයන් ප්‍රමාණයකට ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් කරමින් තියෙනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඝනපූර්ණය අහිමි වන ලෙස සාමාජිකයින් ප්‍රමාණයක් ඉල්ලා අස් උනොත් එහෙම  ස්වාධීන කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කරන ව්‍යවස්ථා සභාව සක්‍රීය නැති නිසා  පාර්ලිමේන්තුව විසින් අලුත් ව්‍යවස්ථා සභාවක් පත් කරලා ඒකෙන් කොමිෂන් සභා පත් කරන කල් මැතිවරණය කල් යනවා 

 මැතිවරණය අරගලයේ කොටසක් ලෙස දිනාගන්න.